සිංහරාජයේ ඉදිවන බව කියූ හෝටල් ව්‍යාපෘතිය , පුද්ගලික ඉඩමක නිවාස ඉදිකිරීමක් බව හෙළිවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට එක් වූ තරුණියක් විසින් සිංහරාජ රක්ෂිතය තුළ හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට සිදුකළ ප්‍රකාශය පදනම් විරහිත බව මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කර සිටී

අදාල තරුණිය විසින් සිංහරාජ රක්ෂිත‍යට අයත් භූමියක් ලෙස හඳුන්වන ස්ථානය පෞද්ගලික ඉඩමක් බවත් . ඒ අනුව ඇය විසින් සිදුකළ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශයක් බව මධ්‍යම පරිසර අධිකාරියේ සබරගමුව පළාත් අධ්‍යක්ෂක තිලක් කිරිඇල්ල මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත .

අක්කර 07 රූට් 03 පර්චස් 25 කින් සමන්විත මෙම ඉඩම සිංහරාජ රක්ෂිතයට හෝ ඒ ආශ්‍රිත ප්‍රේරණ කලාපයට හෝ අයත් නොවන පෞද්ගලික ඉඩමක් බවත්, එම ඉඩමේ දැනට සිදුවන ඉදිකිරීම් ප්‍රාදේශීය සභාවේ අනුමැතිය සහිතව සිදුකරන නීත්‍යනුකූල ඉදිකිරීම් බවත් තිලක් කිරිඇල්ල මහතා සඳහන් කර සිටී .

අදාල තරුණියගේ හෙලිදරව්වෙන් පසුව මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු වගකිව යුතු රජයේ ආයතන අදාල ප්‍රදේශයට ගොස් මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකර ඇති අතර ඉඩම‍ෙ වත්මන් හිමිකරු විසින් තම ඉඩමට අදාල සියලු නීත්‍යනුකූල ලිපි ලේඛන ඉදිරිපත් කර ඇත . ඒ අනුව එම ඉඩම සහ සිංහරාජ රක්ෂිතය අතර කිසිදු සබඳතාවයක් නොමැති බව තහවුරු වී තිබේ.