සිකා වෛරසයත් මෙරට ව්‍යාප්තවීමේ අවදානමක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ දිනවල  ඉන්දියාව පුරා වේගයෙන් පැතිර යන සිකා වෛරසය  ශ්‍රී ලංකාව තුළද එය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අනතුරු අඟවා සිටී .

මෙම වෛරසය මදුරුවන්ගෙන් බෝවන හෙයින් ජනතාව මේ පිළිබඳව අවධානය යොමු කලයුතු බවද   විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටී .

ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන අය ගැන කල්පනාකාරී විය යුතු බවද   ඔහු  මාධ්‍ය වෙත  පැවසීය

මෙය ඩෙංගු රෝගය හා සමාන රෝගයක් වන අතර රෝග ලක්ෂණද ඩෙංගු රෝගය හා සමාන වන බවත් විශේෂයෙන් මෙය ගැබිණි මව්වරුන්ට වැළඳුනහොත් උපදින දරුවන්ගේ මොළය කුඩා වීමක් සිදුවන නිසා රෝගය සෑදීම වළක්වා ගත යුතු බවත්  දීපාල් පෙරේරා මහතා කියාසිටියේය .

මෙහිදී විශේෂයෙන් මදුරුවන් බෝ වීම වළක්වා ගැනීම මෙන්ම මදුරුවන් දෂ්ට කිරීමෙන්ද ආරක්ෂා වීම වැදගත්බව ඒ මහතා පැවසීය .