නවතම පුවත්

කොතලාවල විශ්වවිද්‍යාල පනතේ අඩුපාඩු තිබෙනවා – GMOA

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොතලාවල විශ්ව විද්‍යාල පනතේ බරපතල අඩුපාඩුකම් පවතින අතර එය රටේ අධ්‍යාපනයට ඉතා නරක ලෙස බලපෑම් කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී .

අද (10) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ මෙම පනත සම්බන්ධයෙන් රජයට ලබාදිය යුතු යෝජනා මේ වනවිට සකසමින් ඇති බවයි.

මේ වන විටත් මෙම පනතේ අඩුපාඩුකම් පිළිබඳව රජයේ පාර්ශවය දැනුවත් කර තිබෙන බවද  ඔහු කියාසිටියේය

මෙහිදී වැඩිදුරටත් අදහස දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය ,.

”යම්කිසි විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමේදී ඒ සමඟ අනුබද්ධිත ආයතනවල අධීක්ෂණයන් අත්‍යවශ්‍යයි. උදාහරණයක් හැටියට වෛද්‍ය විද්‍යාලයක් නම් ඒ වෛද්‍ය විද්‍යාලය සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය සහ එහි අධීක්ෂණය අවශ්‍යයි. අනික් පැත්තෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ලෙස අනුමැතිය සහ අධීක්ෂණය අවශ්‍යයි. මේ පනතේ බරපතල අඩුපාඩුකම් කිහිපයක් තියෙනවා. එය ඉතාම නරක විදිහට බලපාන්න පුළුවන් මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සහ අධ්‍යාපනයේ ඉදිරි ගමන් මඟට. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි රජය දැනුවත් කරලා තිබෙනවා මේ වෙනකොට.”

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්