සිකුරාදා නිවාඩුව ලැබෙන රාජ්‍ය සේවකයන්ට අතිකාල කරද්දී සීමාවක්

Picture of අසංක

අසංක

රජයේ නිලධාරීන්ට මාස තුනක කාලයක් සෑම සිකුරාදා දිනකම නිවාඩු ලබාදීමේ චක්‍රලේකය නිකුත් කර තිබේ.

ඒ අනුව සිකුරාදා නිවාඩු ලබා ගන්නා රාජ්‍ය නිලධාරින්ට පසු දිනවල එනම් සෙනසුරාදා සහ ඉරිදා අතිකාල සේවයේ දීම යෙදීම තහනම් බවට එම චක්‍රලේඛයේ සඳහන් වේ.

රජයේ නිලධාරීන්ට නිවසේ සිට කෘෂිකාර්මික කටයුතුවල නිරතවීමට ඉඩ සලසමින් මෙම පියවර ගෙන ඇති බව එහි සදහන් ය.

දැනටමත් නිවසේ සිට වැඩ කරන්න රාජ්‍ය නිලධාරීන්ට සහ සේවා සේවාමුර ක්‍රමයට රාජකාරි කරන නිලධාරීන්ට මෙම ක්‍රමය අදාළ නොවේ.

සතියේ වැඩකරන දින පහ ඇතුළත සිකුරාදා හැර වෙනත් දිනයක් නිවාඩු දිනයක් ලෙස යෙදී තිබුණහොත් එම සතියේ සිකුරාදා දිනය සාමාන්‍ය රාජකාරි දිනයක් ලෙස සැළකිය යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.