සිඩ්නි පාසලක ටැබ් තහනමක් – ‌පොතේ ලියන ප්‍රතිපත්තිය යළිත්

Picture of අසංක

අසංක

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි පාසලක දරුවන්ට අයිපෑඩ් හෝ ඊ-බුක් ගෙනඒම මුළුමනින්ම තහනම් කර තිබේ.

ඒ වෙනුවට සාම්ප්‍රදායික කඩදාසි, සටහන් පොත් ගෙනඒමට සිසුදරුවන්ට නියෝග කර ඇත.

විෂය කටයුතු කෙරෙහි අවබෝධය වැඩිකිරීම, මානසික ඒකාග්‍රතාව ඇතිකරගැනීම කළහැක්කේ පරණ තාලේ පොත් භාවිතයෙන් බවට පෙනී යාම නිසා සිඩ්නි නුවර පිහිටි ඒම පාසල මෙම පියවර ගෙන ඇත.

සිඩ්නි නගරයේ උසස්පෙළ විභාගවලින් ඉහළින්ම සිටින පාසල් 10 අතර වැජඹෙන රෙඩම් හවුස් නමැති පෞද්ගලික පාසලේ දරුවන්ට අයිපෑඩ් භාවිතය අතහැර දමා තමාගේම උපකරණයක් ගෙනඒමට අවශ්‍ය නම් ලැප්ටොප් පරිගණකය පමණක් ගෙනෙන ලෙසට ප්‍රතිපත්තියක් හදුන්වා දීමට උත්සහ කර තිබේ.

පුදුමයකට මෙන් ප්‍රතිඵලය වී ඇත්තේ දරුවන්ගේ කැමැත්ත තිරයේ දිස්වන පිටුවලට වීමයි.

කෙසේවෙතත් තාක්ෂණික විශේෂඥයන් පවසා ඇත්තේ දරුවන් තාක්ෂණයෙන් ඈත් කිරීම වරදක් බවයි.

දරුවන් ශ්‍රමබළකායට පුහුණු කිරීමට නම් ටැබ්ලට් භාවිතයෙන් අධ්‍යාපනය හැදෑරීමට දරුවන් හුරුකරවිය යුතු බවට ඔවුන් පවසා තිබේ.

ඒම පාසල ‌‌මෙම තීරණයට එළැඹ ඇත්තේ ඒම විරෝධය ද තිබියදීය.