සිනමාහල් 01 දා සිට විවෘතයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට  සියලු සිනමා ශාලා  එළඹෙන ජනවාරි 01 වැනිදා සිට යළි විවෘත කිරීමට රජය තීරණය කර ඇත .

, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සිනමා ශාලා විවෘත කිරීමට අවසර හිමිවන බව නිවේදනයක් නිකුත් කරමින් අගමැති මහින්ද  රාජපක්‍ෂ මහතා අවධාරණය කර ඇත .

එසේ වුවත් දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශයන්හි සිනමාහල් විවෘත නොවන අතර   විවෘත වන සිනමාහල්වල සේවකයින් මෙන්ම  චිත්‍රපට නැරඹීමට පැමිණෙන්නන් ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියා කළ යුතු බව නිවේදනයේ දැක්වේ,.

සිනමා ශාලා වසා තැබීමෙන් සිනමා කර්මාන්තයට හා ඒ හා සම්බන්ධ සියලු කලාකරුවන්ට වන හානිය, පීඩාවන් මග හැරීමට මෙම පියවර ගෙන ඇති බවද එහි දැක්වේ .