සිනමා ශාලාවල විදුලි බිල ගෙවීමට වසරක සහන කාලයක්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිනමා ශාලා හිමියන්ට සහන සැලසීමේ අරමුණින් සිනමා ශාලාවල හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබා දීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එකඟතාවය පළකර ඇත .

කොරෝනා වසංගතය හේතුවෙන් 2020 මාර්තු මස සිට සිනමා ශාලා වසා දැමීමෙන් මූල්‍ය දුෂ්කරතාවයන්ට පත් වූ සිනමා ශාලා හිමියන්ට සහන සැලසීමේ අරමුණින් අමාත්‍යවරයා මෙම එකඟතාවයට පැමිණ ඇත .

ඒ අනුව, 2020 මාර්තු මස සිට දෙසැම්බර් දක්වා ගෙවීම් නොකරන සිනමා ශාලා විදුලි බිල්පත් මාස 12 කින් පියවීමට අවස්ථාව ලබා දී තිබේ.

එමෙන්ම එම කාල සීමාව තුළ හිඟ බිල්පත් මත විදුලිය විසන්ධි නොකිරීමට ද තීරණය කර තිබෙ.

ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි සිනමා ශාලා 194කට මෙම සහනය හිමිවේ.