කොවිඩ් වෛරසයට එරෙහිව චීන සමාගමක් විසින් හඳුන්වා දුන් සිනොවැක් එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීමේ කටයුතු ඉදිරි මාස දෙක තුල ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත
. මේ වනවිට ඒ සම්බන්ධයෙන් චීනය සමග පැවති සාකච්ඡා සාර්ථක වී ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙතපැවසීය
සිනොවැක් එන්නත නිෂ්පාදනය කිරීම සඳහා මේ වනවිටත් දේශීය සමාගමක් ඉදිරිපත්ව ඇති අතර පල්ලෙකැලේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත පුරයේ එම කටයුතු ආරම්භ කිරීමට අවධානය යොමුව තිබේ.