සිමෙන්ති මිටිය ,රුපියල් 93කින් ඉහළට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කිලෝ ග්‍රෑම් 50 සිමෙන්ති මිටියක මිල රුපියල් 93කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බව සංස්ථා සිමෙන්ති සමාගම පවසයි.

ඒ අනුව රුපියල් 1005ක් වශයෙන් පැවති සංස්ථා සිමෙන්ති මිටියක නව මිල රුපියල් 1098ක් වේ.

මෙම මිල වැඩිකිරීම ඊයේ (10) සිට ක්‍රියාත්මක වන බවයි එම සමාගම සඳහන් කළේ.