ඊයේ (12) දින සිට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 475කින් ඉහළ නැංවීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.
සිමෙන්ති කොට්ටයක මිල මීට පෙර රුපියල් 1375ක අගයක පැවැතුණි. කෙසේ වෙතත් එම මිල ගණන් වලට වඩා වැඩි මිලකට සිමෙන්ති වෙළඳපොළ තුළ අලෙවි විය.
මිල වැඩිකිරීමත් සමග සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1850ක් දක්වා ඉහළ යනු ඇත.
පසුගිය කාලයේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 900 ගණනේ තිබු අතර රජය විසින් මිල පාලනය කර තිබිණ. මේ වන විට රජයේ පාලන මිල ඉවත් කර ඇත.
ඉදිරියේදී කර්මමාන්ත හා ආයෝජන වලට මෙය සෘජුවය බලපානු ඇත.
කෙසේ වුවද තවදුරටත් ලංකාවේ සිමෙන්ති හිගයක් ඇත.