සියලුම රෝහල්වල ඇඳන් ධාරිතාවෙන් අඩක්, කොවිඩ් රෝගීන්ට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සියලු රෝහල්වල දැනට පවතින ඇඳන් ධාරිතාවෙන් සියයට 50ක් කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සඳහා වෙන් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය  තීරණය කර තිබේ .

වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩල සහ සෙසු සෞඛ්‍ය කාර්ය මණ්ඩල හැකි පමණ කොරෝනා ආසාදිතයින් පිළිබඳ පෞද්ගලික මට්ටමින් තොරතුරු සොයා බලා ප්‍රතිකාර කිරීමට යෙදවීමටද  අදාළ අංශ වෙත , උපදෙස් දුන් බව සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේය.

මීට අමතරව දිස්ත්‍රික් මට්ටමින් එක් මධ්‍යස්ථානයක් හෝ ස්ථාපනය කර, සියලු ආසාදිතයින් එම මධ්‍යස්ථානයේදී පරික්ෂා කිරීමෙන් අනතුරුව, ආසාදිතයා යොමු කළ යුත්තේ කුමන ප්‍රතිකාර ක්‍රමවේදයට ද යන්න තීරණය කිරීමේ නව වැඩපිළිවෙළක් සකසේමටද අමාත්‍යංශයේ අවධානය යොමුව වත

දැනට කොරෝනා ආසාදිතයින් රෝහල්ගත කිරීම සහ හදිසි ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ක්‍රියාත්මක ගිලන් රථ ප්‍රමාණවත් නොවීම හමුවේ, කොරෝනා රෝගීන් වෙනුවෙන්ම සේවා සැපයීම සඳහා අවශ්‍ය ගිලන් රථ සූදානම් කිරිමටද  සෞඛ්‍යය අමාත්‍යාංශය කටයුතු යොදමින් ඇත