රජයේ සියලූ පාසල්වල 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන සඳුදා (27) දින සිට යලි ආරම්භ කිරීමට බව අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව සෙසු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අගෝස්තු 10 වනදා ආරම්භ කරන බවද නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය සඳහන් කර ඇත.
සෞඛ්‍ය නීති රෙගුලාසිවලට අනුකූලව සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දී ඇති විශේෂ උපදෙස්වලට අනුකූලව පාසල් පවත්වාගෙන යා යුතු බවට අමාත්‍යාංශය සියලූ පාසල් බලධාරීන් වෙත මේ වනවිට උපදෙස් ලබා දී ඇත.