රමේෂ් වරල්ලෙගම
එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ වැඩ අල්ලන සුබ නැකතේදී සියලුම ජාතීන්ට අයත් දරුවන්ට අලුතින් පොතක් ලිවීමට ආරම්භ කරන ලෙස අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉල්ලීමක් කරයි.
ඒ අනුව හෙට රාත්‍රී 10.45 ට යෙදෙන සුභ නැකතින් සිංහල දෙමළ මුස්ලිම් සියලුම ජාතීන්ට අයත් දරුවන් සෞභාග්‍යය අරමුණු අනාගතයේ අපේක්ෂා පෙරදැරි කරගෙන රටක් වටින පොතක් ලියන ලෙස අමාත්‍යවරයා ආරාධනා කර සිටී.
මනුෂ්‍යත්වයේ අසිරිමත් භාවය ද උතුම් ගුණාංග සැමරිය යුතු මෙවැනි අවස්ථාවක සංස්කෘතික වශයෙන් ඉතා වටිනා අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව අපතේ නොහරින ලෙස ද ඔහු අවධාරණය කර සිටී .