නවතම පුවත්

“සියවස් අධ්‍යයන කේන්ද්‍රය” දියත්කෙරේ.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ප්‍රගතිශීලී, මනා පුහුණුව ලත්, දක්ෂ දේශපාලන නායකයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාව තුල බිහිකිරීම අරමුණු කරගත් විවිධත්වය හා ප්‍රතිපල මත පදනම් වූ නැවුම් දේශපාලන ව්‍යාපාරයක් වන සියවස් අධ්‍යයන කේන්ද්‍රය නිළ වශයෙන් දියත්කිරීම .හෙට (04) දින සවස 5.30 ට අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරේ .

http://www.facebook.com/CentenaryAcademy යන ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවිය හරහා සියලුම දෙනාට මෙම අවස්තාව හා එක්විය හැක .

පැහැදිලි භාවය, අනුකම්පාව, නිපුණතාවය සහ චරිතය යන සිවු වැදෑරුම් කුළුණු මත අධ්‍යයන කේන්ද්‍රය පදනම් වී ඇති අතර ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින තරුණ දේශපාලන නායකයින් 50 දෙනෙකු සති 52-ක කාලයක් පුරා ක්‍රියාත්මක වන පුළුල් වැඩසටහනක් තුළින් දේශපාලන උපාය මාර්ග, බිම් මට්ටමේ බලමුළු ගැන්වීම්, ප්‍රතිපත්ති සම්පාදනය වැනි අංශ ගණනාවක් ඔස්සේ තම දැනුම දියුණු කරගැනීමට හා පුහුණු වීමට සියවස් අධ්‍යයන කේන්ද්‍රය වටා එකතු වී සිටී . මෙම තරුණ නායකයින් 50 දෙනාම පූර්ණ ශිෂ්‍යත්ව ලාභීන් ලෙස මෙම වැඩසටහනට සම්බන්ධ වේ.

මේ පිලිබදව සියවස් අධ්‍යයන කේන්ද්‍රය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ ,

“දැක්ම: ශ්‍රී ලංකාව ජීවත්වීමට සුදුසු තැනක් කිරීම, පවතින දේශපාලනික සංස්කෘතිය තුළ සුබවාදී වෙනසක් ඇති කිරීම, තිරසාර දැක්මක් ඇති නව තරුණ පරම්පරාවක් ජාතික ප්‍රතිපත්ති සැදීමේ කේන්ද්‍රස්ථානය තුළට ගෙනයාම මගින් දුරදර්ශී, රටට හිතදායී තීරණ ගැනීමේ ක්‍රමවේදයක් ඇති කිරීම. අපි මෙම වෙනස ඇති කිරීමට ඉදිරියෙන්ම සිටින්නෙමු – මේ අවස්ථාවේ අපි පියවරක් නොගන්නේ නම්, එය සැබෑ නොවන සිහිනයක් වනු ඇත.

කෙසේද?: අපි ප්‍රතිඵලදායී, සංවේදී නායකත්වයක් ගොඩ නැංවීමට අවශ්‍යය නියමාකාරයෙන් සැලසුම් කරන ලද, විස්තීර්ණ මාවතක් ඉදිරිපත් කරන්නෙමු. ඵලදායී ආකාරයෙන්, ප්‍රතිඵල මත පදනම් වන, සමීප උපදේශනයන් ගෙන් යුත් දේශපාලන නායකත්වයක් ශ්‍රී ලංකාවේ ඉදිරි පරපුර තුලින් ගොඩ නැංවීම හරහා පරිණාමිත දේශයක් ඇති කිරීමට ආයෝජනය කරන්නෙමු.

අධ්‍යයන කේන්ද්‍රයේ සිසුන්, ශ්‍රී ලංකාවට වඩා හොඳ දේ කළ හැකි බවත්, දැනට පවතින දේශපාලන වපසරිය ප්‍රතික්ෂේප කරමින්, තම රට තුල ඔවුන් අපේක්ෂිත වෙනස සිදුකරන තුරු වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට තමා තුල ධෛර්යය ඇති බවත් විශ්වාස කරයි. නව පරපුරේ දේශපාලන නායකත්වයක් ශ්‍රී ලංකාවට ලැබිය යුතුය. එම පරිවර්තනය සිදු කිරීමට තරුණ පරම්පරාව නැගී සිටිය යුතු බව අපගේ අදහසයි .”

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි