නවතම පුවත්

සියවසේ සේයාරුව: ‘සොබාදහමට පරදින තාක්ෂණය’

අසංක

අසංක

මෙහි දැක්වෙන්නේ නීතිවිරෝධී කටයුතු සදහා භාවිත කරනු ලබන ඩ්‍රෝන් ගොදුරු කොට විනාශ කරන පුහුණු කරන ලද රාජාලියෙකි.

කූඤ්ඤයක හැඩයෙන් යුත් වලිගයක් ඇති මෙම රාජාලියා මෙලෙසටම ඩ්‍රෝන් ගණනාවක් ගොදුරු කොට විනාශ කළ දක්ෂයෙකි.

ඡයාරූපයේ දැක්වෙන්නේ බටහිර ඕස්ටේ‍්‍රලියාවේ රන් ආකර පිහිටි ප‍්‍රදේශයක මැනුම් සමීක්ෂණ සදහා යොදවා ඇති ඩ්‍රෝන් යානාවකි. එම ඩ්‍රෝන් යානා යොදන ලද්දේ ලොව 7 වැනි විශාලතම රන් නිෂ්පාදකයා වන දකුණු අප‍්‍රිකානු රන් කැණීම් සමාගමයි.

මෙම රන් ආකර ප‍්‍රදේශය අයත් වන්නේ ද එම සමාගමටයි. කෙසේනමුත් 2016 වසර වනවිට මෙම සමාගම විසින් මෙලෙස යොදවන ලද රන් මැනුම් සමීක්ෂණ ඩ්‍රෝන් 9ක් මෙම පුහුණු කරන ලද රාජාලියා විසින් ගොදුරු කොට විනාශ කර දමා තිබුණි.

මේ හේතුවෙන් ඉහත රන් නිෂ්පාදන සමාගමට සිදුවූ පාඩුව ඩොලර් 10,00,000කට අධික ය. නෙදර්ලන්ත පොලීසිය මෙම රාජාලීන් පුහුණුව ඇරඹූ අතර මේ වනවිට එය ව්‍යාප්ත වී තිබේ.

මෙම ඡුායාරූපය 2016 වසරේදී ගන්නා ලද ඡයාරූපයක් වන අතර මෙය යළිත් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා අතිමහත් ප‍්‍රසිද්ධියකට ලක්ව ඇත්තේ ‘සොබාදහමට පරාජය වන තාක්ෂණය’ යන ප‍්‍රබල පණිවුඩයකින් ද යුතුවයි.


ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්