සිවිල් ආරක්ෂක බළකායේ 20,000ක් රටපුරා

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගෙන ඉදිරියේ දී සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් 20,000ක් රට පුරා යෙදවීමට ඒම දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ වනවිටත් සෙබළුන් 4000ක් පමණ කොළඹ නගරය ආශ්‍රිතව යොදවා ඇත.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරි සදහා සයන වන පරිදි අතිරේක බලඇණියක් ලෙස සිවිල් ආරක්ෂක බළකා සෙබළුන් යෙදවීමට අපේක්ෂා කෙරේ.

ආගමික ස්ථාන, පොදු ස්ථාන, පාසල් ආදියෙහි මොවුන් ආරක්ෂාව වෙනුවෙන් යෙදවීමට ද සැලසුම් කර තිබේ.

මේ වනවිටත් සිවිල් ආරක්ෂක බළකා සෙබළු යොදමින් බොහෝ ස්ථානවල ආරක්ෂක මුරකුටි පිහිටුවා ඇත.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තුළ පුහුණු කරන ලද ආරක්ෂක සෙබළු 35000ක් පමණ සිටියි.