සීදුවේ හමුදා විශේෂ බළකා කඳවුරම නිරෝධායනයට

Picture of අසංක

අසංක

සීදුව ප්‍රදේශයේ පිහිටි යුධ හමුදා විශේෂ බළකා කඳවුරක් නිරෝධායනයට ලක් කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ එම කඳවුරේ සේවය කරනු ලබන යුධ හමුදාවේ නිලධාරියෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමත් සමගයි.

මේ හේතුවෙන් එම යුධ හමුදා නිලධාරියා සේවය කරනු ලබන සිදුව ප්‍රදේශයේ පිහිටි  කඳවුරේ සේවය කරනු ලබන නිලධාරීන් සහ සෙබළුන් 150 දෙනෙක් සමග නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.