නවතම පුවත්

සීනි – හාල් උපරිම සිල්ලර මිල නියම වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

සහල් සහ සීනී සඳහා උපරිම සිල්ලර මිල නියම කරමින් ඊයේ (02) සිට බලැපැත්වෙන පරිදි රජය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එ අතරින් සීනි සම්බන්ධයෙන් නිකුත්කර ඇති ගැසට් නිවේදනයට අනුව සුදු සීනි කිලෝවක උපරිම තොග මිල නියමකර ඇත්තේ රුපියල් 116 ක් ලෙසිණි. එහි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 122ක් වේ.

එසේම පැකට් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල නියම කර ඇත්තේ රුපියල් 125 ක් ලෙසිණි.

දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල එම ගැසට් නිවේදනයට අනුව රුපියල් 125ක් වන අතර පැකට් කළ දුඹුරු හෝ රතු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 128 කි.

සහල් සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව කීරි සම්බා කිලෝවක් සදහා රුපියල් 125 ක්, සුදු හා රතු කැකුළු කිලෝවක් සඳහා රුපියල් 95 ක්, සුදු හා රතු නාඩු කිලෝවක් සඳහා රුපියල් 98 ක්, සුදු හා රතු කැකුළු සම්බා කිලෝවක් සඳහා රුපියල් 103ක් ද වශයෙන් උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්