නවතම පුවත්

සීනි හිඟයි

Roshan

Roshan

දම්පත් රණසිංහ

මේ වන විට සීනි හිගයක් ඇති වෙමින් මිල ඉහළ යන්නේ සීනී ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් බැංකුවලින් නිකුත් නොකරන බැවින් යැයි සීනි ආනයනකරුවන්ගේ සංගමය පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාට පෙන්වා දී තිබේ.

ඒ පෙරේදා පස්වරුවේ පැවැති සාකච්ඡාවකදීය.

එම සංගමය ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ සීනි ආනයනයට ප්‍රමාණවත් ඩොලර් බැංකුවලට මුදා හරින්නැයි දැනුම් දීමක් කරන ලෙසය.

සීනි ආනයනකරුවන්ගේ සංගමයේ උප සභාපති නිහාල් සෙනෙවිරත්න මහතා ඇමතිවරයාට පෙන්වා දී ඇත්තේ , එසේ කිරීමෙන් සීනි ආනයනය විධිමත් කර පාලන මිලට දීමට හැකියාව පවතින බවය.

සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 122 ක් බවටත් රතු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125 ක් බවටත් පාලන මිලක් පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශයට පත්කර ඇතත් ඒ මිලට මේ වන විට වෙළද පොලේ සීනි මිලදී ගැනීමට නැත. සිල්ලර වෙළද පොලේ සීනි කිලෝවක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 160 ට ඉහළිනි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි