සීමාවන්ට යටත්ව සිනමා ශාලා විවෘත කිරිමට අවසර ඉල්ලයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සීමාවන්ට යටත්ව සිනමා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනයට අවසර දෙන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව රජයෙන් ඉල්ලීමක් කර ඇත.

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සඳහන් කළේ, කොරෝනා වසංගතයත් සමග සිනමා කර්මාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇති බැවින් මෙම ඉල්ලීම ඉදිරපත් කල බවය ..

ඒ හේතුවෙන් දුරස්ථභාවය ආරක්ෂා කරමින් පූර්ණ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ චිත්‍රපට ප්‍රදර්ශනයට අවසර දෙන්නැයි ජාතික චිත්‍රපට සංස්ථාව ඉල්ලීමක් කර තිබේ.

එහෙත් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සැළකිල්ලට ගෙන සිනමාශාලා වසා දමන්නේ ද යන්න පිළිබඳව බලධාරීන් සමග සාකච්ඡා කර අද අවසන් තීරණයක් ගන්නා බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කළේ ය.