සුනාමි අවදානම කෙමෙන් පහව යයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පැසිපික් සාගරයේ පිහිටා තිබෙන ගිනිකන්දක් පුපුරා යාම හේතුවෙන් රටවල් කිහිපයකට බලපෑ සුනාමි අවදානම් තත්ත්වය මේ වන විට පහව ගොස් ඇත .

ටොන්ගා රාජ්‍ය ඇතුළු රටවල් කිහිපයකට මෙම සුනාමි තත්ත්වය බලපෑ අතර පැසිපික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ සුනාමි තර්ජනය පහව ගොස් ඇති නමුත් ශක්තිමත් හෝ අසාමාන්‍ය ධාරා සහිත මුහුදු රැලි සම්බන්ධයෙන් වෙරළ ආශ්‍රිත ජීවත්වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බවය

කෙසේ වෙතත්වෙතත් වෙරළ බඩ ප්‍රදේශ වලින් ඉවත් වෙන ලෙස ඇමරිකාව සහ ජපානය එම ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාවට මීට පෙර අනතුරු අඟවා තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.