ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (06) අලුයම අභාවප්‍රාප්ත විය .
සුනිල් පෙරේරා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (06) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.
සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අවසන් කටයුතු සිදුකෙරෙන බව ඒ මහතාගේ පවුලේ ඥාතීන් පැවසීය.
මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කළ සංගීතඥයෙකු ලෙස සැලකෙන සුනිල් පෙරේරා මහතාගේ අභාවය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු විවිධ ක්ෂේත්‍රවල පාර්ශ්වයන් රැසක් සමාජ මාධ්‍ය හරහා පවා සිය සංවේගයන් පළ කර තිබිණ .
සමාජ මාධ්‍ය හරහා පළවූ එවැනි ශෝක ප්‍රකාශයන් කිහියක් පහත දැක්වේ