සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් දිවි ගමන නිමකරයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ  සුපිරි දග පන්දු යවන්නෙක් වන ෂේන් වෝන් ජීවිත ඉනිම නිමාකර තිබේ. ඊයේ (04 ) හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ජීීවිතක්ෂයට පත්ව ඇති අතර මිය යන විට 52 වැනි වියේ පසුවිය.

තායිලන්තයේ සිටිින විට ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඔහුගේ කළමණාකාරිත්වය නිිවේදනයක් නිකුත් කරමින් පවසයිි.

වසර 15ක සිිය ක්‍රිකට් දිිවිිය තුළ වෝන් ටෙස්ට් කඩුලු 708ක් බිද හෙළා තිබේ. ඔහු දෙවැනි වන්නේ ටෙස්ට් කඩුලු 800ක් දවාගත් ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිිදරන්ට පමණි.

1999 වසරේදීී ලෝක කුසලානය දිනාගත් ඔස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කළ වොන් සිය කණ්ඩායමට අලු බඳුන ටෙස්ට් තරගාවලිි 5ක ජයග්‍රහණ ලබාදීමට දායකත්වය ලබා දී තිිබේ

පැය 24ක් තුළ ඔස්ට්‍රේලියා ක්‍රිිකට් ක්‍රිඩාවෙන් අසන්නට ලැබුණ දෙවැනි ක්‍රීඩක මරණය මෙය වන අතර මීට පෙර රොඩ් මාෂ්ද හෘදයාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්විය.

.