ඔමික්‍රෝන් සහ ඩෙල්ටා වෛරස ප්‍රභේද එකවර පුද්ගලයෙකුට ආසාදනය වුවහොත් සුපිරි කොවිඩ් ප්‍රභේදයක් ඔහුගේ ශරීරය තුල බිහිවීමේ අවදානමක් පවතින බවට බ්‍රිතාන්‍යය සෞඛ්‍ය විශේෂඥයින් කණ්ඩායමක් අනතුරු අඟවා ඇත ..
ඒ පිලිබදව තවදුරටත් පර්යේෂණ කර ප්‍රතිඵල ඉක්මනින්ම ප්‍රසිද්ධියට පත්කරන බවද එම විශේෂඥයින් කණ්ඩායම මාධ්‍ය වෙත සඳහා කර ඇත .
කෙසේ වෙතත් එවැනි සුපිරි කොවිඩ් ප්‍රභේදයක පැතිරීම ඉතා වේගවත් විය හැකි බවද ඔවුන් සඳහන් කර ඇත .
කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාවක් මගින් ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයට එරෙහිව සියයට 80ත් 85ත් අතර ප්‍රතිශක්තීකරණයක් නිපදවන බව බ්‍රිතාන්‍යයේ සිදුකළ අධ්‍යයනයකදී හෙළිවී තිබේ.
විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ එය අනෙකුත් ප්රභේදයන්ට එරෙහිව සලසන ආරක්ෂාවට වඩා අඩු වුවද සාපේක්ෂව සැලකීමේදී යහපත් තත්ත්වයක් බවය.