නවතම පුවත්

ගෙදරටම එන සතොස සහන මල්ලේ විස්තරේ

අසංක

අසංක

උත්සව සමය වෙනුවෙන් ජනතාවට සතොස හරහා ලබාදෙන විශේෂ සහන මල්ල රුපියල් 1998කට 1998 අංකයට අමතා නිවසටම ගෙන්වා ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (18) පැවසීය.

මේ වනවිට වෙළෙඳපොළේ රුපියල් 2,751ක පමණ වටිනාකමැති භාණ්ඩ මල්ලක් සතොස මගින් රුපියල් 1998කට මෙමගින් ලබාගත හැකිය.

එම විශේෂ සහන මල්ල සඳහා සම්බා සහල් කිලෝ 10ක්, දුඹුරු සීනි කිලෝ 2ක්, නූඩ්ල්ස් පැකට් 1ක්, තේ කොළ ගෑම් 100ක්, හාල්මැස්සෝ ගෑම් 250ක්, සබන් කැට 2ක් සහ පපඩම් පැකට් 1ක් ඇතුළත්ය.

1998 අංකය ඇමතීමෙන් එම සහන මල්ල ඇනවුම් කළ හැකිය.

0115 201 998 අංකයට වට්ස්ඇප් පණිවුඩයක් මගින් ද අදාළ සහන මල්ල ඇනවුම් කිරීමේ හැකියාව පවතී.

සඳුදා සිට බෙදාහැරීමේ කටයුතු ඇරඹීමට සතොස පියවර ගෙන තිබේ.

රට පුරා ඕනෑම නිවසකට පැය 48ක් තුළ ලබා දිය හැකි අයුරින් මෙය සැලසුම් කර ඇත.

මෙම භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු වෙනත් ආයතනයකට බාරදී ඇති අතර ඩිලිවරි ගාස්තුව සහන මිලක් අයකරනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්