සුබ ගමන් ටිකිරි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ටිකිරි ….

හැත්තෑ වසක් දිවියේ ආයුශ ලැබුව…..
සිව් කෝරලේ නම තැන තැන රැන්දෙව්ව…
පෙරහැර දිගේ ගොස් ඇගෙ හොඬ කැරකෙව්ව…
ටිකිරියො උඹ ගියා දාලා මහ පොලොව….

ඇටකටු පෑදුනත් වයසට ගිහිල්ලා…
කන්නට බැරි වුනත් දත් ඇඳි ගෙවීලා….
ඉන්නට බැරි වුනත් හිටගෙන නොවෙවුලා…
දලදා පෙරහැරේ පුරුදුයි ගිහිල්ලා….

කන්නට ගත් කිතුල හැපුමට මන ලොල්‍ ය….
දිවුලක් දුන්නොතින් ඇගෙ වත සිහිරැල්‍ ය….
හොඬවැල පද්දමින් සිටියත් හැමකලය…
අන්තිම කාලෙදී ටිකිරිත් දුර්වලය…

නිවනට යන්ට පිං ඇතිවෙයි පින පැතිරී ……
දලදා පෙරහරේ ගුණ කඳ ඇත ඉතිරී…
මේ ජාතියේ මැරුනත් වයසට වැහැරී..
ඇවිදන් නිවමටම පලයන් අපෙ ටිකිරි ..

චමෝද් අනුශ්ක බන්ඩාර
2019/09/25