නවතම පුවත්

ප්ලාස්ටික් නැති ලංකාවකට ඇමෙරිකාවෙන් අතහිත

අසංක

අසංක

ශ්‍රී ලංකාව තුල පරිසර හිතකාමී සංචාරක ගමනාන්තයන් ගොඩනැගීම වෙනුවෙන් ආධාර ලබාදීමට ඇමෙරිකානු රජය ඉදිරිපත්ව ඇත.

ඒ අනුව අරුගම් බොක්ක ප්‍රදේශය තිරසාර හරිත සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමට මේ වනවිටත් ඇමෙරිකානු රජය කටයුතු යොදා ඇත.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය (USAID)විසින් අනුග්‍රහය දක්වන “අපද්‍රවය අඩු අරුගම් බේ” නම් වැඩසටහන යතාතේ මෙම කටයුතු දියත් වේ.

මෙහිදී නොමිලේ පානීය ජලය සැපයීම, ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය, සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමේ කටයුතු ප්‍රවර්ධනය කරනු ලබයි.

“ප්ලාස්ටික් අපද්‍රවය අවම කිරීම මගින් අනාගත පරපුර සඳහා ශ්‍රී ලංකාවේ සාගර හා ජල මාර්ගවල සුන්දරත්වය ආරක්ෂා කරනවා පමණක් නොව ජනතාවගේ ජීවනෝපායන් ආරක්ෂා කරන අතර දුෂ්කර කාලවලදී සංචාරක වයාපාරයද ප්‍රවර්ධනය කරනවා ” මේ පිලිබඳ අදහස් දකවමින් ඇමෙරිකානු තානාපතිනී ඇලයිනා බී.ටෙප්ලිට්ස් මහත්මිය මාධ්‍ය වෙත පැවසුවාය ..

මෙම වැඩසටහන යටතේ වෙනත් අපද්‍රව්‍ය වලින් ප්ලාස්ටික් බෝතල් වෙන් කිරීම සඳහා,අරුගම් බොක්කේ ඇති දේශීය ව්‍යාපාරවලට බඳුන් ලබාදී ඇති අතර, සෑම දිනකම වාහනයකින් ප්ලාස්ටික් බෝතල් එකතු කර ප්‍රවාහනය කරනු ලැබේ. අනතුරුව ඒවා ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් පොලියෙස්ටර් නූල් බවට පත් කෙරේ.

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) නාගරික අපද්‍රවය ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රවය නිසා සාගර පරිසරයට සිදුවන හානිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව පුරා සිටින හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්