නවතම පුවත්

සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ගත් ණයවලට සහනයක්!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වන විට ශ්‍රී ලංකාව සතුව අමෙරිකානු ඩොලර් බිලියන 05 ක විදේශ සංචිත පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද මාධ්‍ය වෙත පැවසීය . ඉදිරි මාස 06 සඳහා වන ආර්ථික දැක්ම ඉදිරිපත් කරමින් ඒ මහතා මේ බව පැවසීය .

එහිදී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ පැරණි ණය සහ ණය පොළිය සඳහා සහනයක් ලබාදීමට සූදානම් බවය. ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් මිලියන 15 මුදලක් වෙන් කර ඇතැයිද මෙහිදී ප්‍රකාශ කෙරින

සර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික ආර්ථික සැලසුම මෙසේ අද දින  එළිදැක්විය.  , ඊළඟ මාස 6 තුළ දී දේපළ පවරා ගැනීම නොකර සිටින ලෙස සියලු බැංකුවලට දැනුම් දුන් බවැඩ කබ්රාල් මහතා පැවසීය .

මේ අතර, වාහන නැවත පවරා ගැනීම අත්හිටුවන ලෙස ද බැංකුවලට උපදෙස් ලබා දුන් බව ඒ මහතා පැවසීය.මේ අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පැරණි ණය සහ ණය පොළිය සදහා සහනයක් ලබාදීම සඳහා මහ බැංකුවෙන් රුපියල් මිලියන 15ක මුදලක් වෙනකර ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා පැවසීය.

අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පනවා තිබූ සියයට සියයක අනිවාර්ය තැන්පතු සීමාව අද සිට ඉවත් කෙරෙන බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අජිත් නිවාඩ් කබ්රාල් මහතා මෙසේද පැවසීය

“2019 වසර අවසන් වෙද්දී ශ්‍රී ලංකාව සතුව ඩොලර් බිලියන 7.6ක සංචිත ප්‍රමාණයක් ඉතුරුවෙලා තිබ්බා. කවුරුත් කියන්නේ නැති වුණත් එතනින් පස්සේ අපි බිලියන 06ක ණය නැවත ගෙව්වා. ඒ වගේම 2021 වසරේදීත් මේ දක්වා අපි බිලියන 5.6 ක් ආපසු ගෙව්වා. හැබැයි දැන් අපි සතුව බිලියන 5කට ආසන්න සංචිත ප්‍රමාණයක් තියෙනවා මුදල් වශයෙන් බිලියන 3.5කුත් ලැබීම් 1.5කුත් එකතු වන වශයෙන්. දැන් මේ දිහා ගණිතමය වශයෙන් පිටින් බලලා කාටහරි කියන්න පුළුවන් බලන්න අපිට ගෙවීම් කරන්න බැහැ කියලා. ඒක තමයි මේ දක්වා බොහෝදෙනෙක් ගණන් හදලා අපිට කියන්නේ හැබැයි අපට ලැබෙන ලැබීම් ඇතුලත් කරලා මේ ගණනය කිරීම් එයාලා කරන්නේ නැහැ. ඒ අනුව තවත් වසර කිහිපයකදී අපිට ණය ගෙවාගන්න බැරි වෙනවා කියලත් එයාලා උපකල්පනය කරගන්නවා. ඉතිං මම එයාලට කියන්න කැමතියි සංචිත කළමණාකරනය යනු දැනට තියන සංචිත කළමනාකරණය කිරීමම නෙමෙයි ලැබීම් කළමනාකරණය කිරීමක් ඊට ඇතුළත්. ඉතිං මේ ආර්ථිකය කඩාවැටෙනවා කියලා අපිට චෝදනා කරන අයට මම කියනවා ඒක එහෙම වෙන්නේ නැහැ ඉතිහාසයේ අපි ඒක ඔප්පු කරලා පෙන්වලා තියෙනවා.”

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි