පැතුම් වික්‍රමරත්න
වියට්නාමයේ සිට පැමිණෙන ගුවන් මගීන්ට සහ වියට්නාමය හරහා පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන්ට , නැවත දැනුම් දෙන තෙක් , ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් , කපිතාන් තේමිය අබේවික්‍රම නිවේදනය කර සිටී.
මේ වනවිට වියට්නාමය පුරා සීඝ්‍රයෙන් පැතිර යන , සුළග මගින් ව්‍යාප්ත වන නව කොරෝනා වෛරස රෝගී තත්වය නිසා , එම වෛරසය ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීම වළක්වා ගැනීම සදහා මෙම පියවර ගෙන තිබෙන බවද නිවේදනයේ දැක්වේ
ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සබදතා පවත්වන සියලුම ගුවන් සේවා වෙත මේ බව වනවිට දන්වා තිබෙන බවද නිවේදනයේ දැක්වේ .