පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ සෙබලෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන මියගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව යුද හමුදාව පවසයි.
අදාළ සෙබලා ඊයේ (24) පස්වරුවේ ඔහුගේ රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇත.
මේ අතර නාරාහේන්පිට පොලීසියේ සිරමැදිරිය තුළ රඳවා සිටි සැකකරුවකු සිය දිවි හානිකරගෙන ඇතැයි වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි තරුණයෙකි.
මෙම මරණය පිළිබඳ විමර්ශන ආරම්බ කර ඇතැයි පොලීසිය පැවැසීය.