නවතම පුවත්

සේවකයෙකු ලෙස සේවයේ යෙදවිය හැකි අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ දැමීමට යෝජනා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

යම් පුද්ගලයෙකු සේවකයෙකු ලෙස සේවයේ යෙදවිය හැකි අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ දැමීමට අදාළ කම්කරු නීතිය සංශෝධනය කෙරේ.

ඒ අනුව අනිවාර්ය පාසල් අධ්‍යාපන වයස අවුරුදු 16 වශයෙන් වන නීතීමය විධිවිධානයන්ට අනුකූල වන පරිදි සේවකයින් සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට
හැකිවන අයුරින් අදාළ කම්කරු නීතිය සංශෝධනය කිරීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය.

එසේම මෙයට අදාලව 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ පනත, 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත, අවම වේතන ආඥාපනත සංශෝධනය කිරීම පිණිස වූ පනත, 1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥාපනත සහ 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල පනතේ ප්‍රකාශයට පත් කරන ලද නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කම්කරු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව ද මෙහිදී සම්මත විය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්