නවතම පුවත්

සෝමාවතී ජාතික උද්‍යානයේ අක්කර ගණනක් විනාශ කරලා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සෝමාවැතිය ජාතික උද්‍යානයේ   මංතලාව  ප්‍රදේශයේ අක්කර ගණනක් කිසියම් පිරිසක් විසින් විනාශ  කරමින් අනවසර වගා කිරිමට සුදානම් කර ඇති බව එහි නිරික්ෂණයක නිරත වෙමින්   පොලොන්නරුව ලංකාපුර ශාසනආරක්ෂක බලමංඩලයේ හිටපු සභාපති  සහ ශ්‍රි ශාඛ්‍යා බිම්බාරාමයේ  විහාරාධිපති  යටිහලගල උපතිස්ස නාහිමි ඇතුළු පිරිස අද (18) පැවසුහ.

සෝමාවැතිය ජාතික උද්‍යානයේ  වන විනාශය වු මංතලාව ප්‍රදේශය යටිහලගල උපතිස්ස නාහිමි ඇතුඵ හිමිවරු පිරිසක් සමග  ප්‍රදේශවාසින්  පිරිසක් එම ස්ථානය නිරික්ෂණය කිරිම සඳහා  එම ස්ථානයට ගියහ.

පසුව එම ස්ථානය  නිරික්ෂණය කිරිමෙන් පසු නාහිමි මෙසේ සඳහන් කළේය.

“මේ ප්‍රදේශයට කියන්නේ සෝමාවතිය ජාතික උද්‍යානයේ මංතලාව කියලයි. නමුත් දැන්  දක්නට තිබෙන  තත්ත්වය නම් කනගාටුදායකයි. කැලේ ඔක්කෝම ගස් කපලා අලුතින් වගා   කරන්න බිම් සකස් කරලා. ඒ මදිවට ඇළවලුත් කපලා.

සුංගාවිල වනජිවි කාර්යාලයේ නිලධාරින් කියන්නේ  අවසර නැතුව මේ උද්‍යානයට  ඇතුල්විමටවත් අවසරයක් නැති බවයි. නමුත්  වන විනාශය කළ  පුද්ගලයින් මේ වන තෙක් අත්අඩංගුවට  අරන් නෑ.

ඇළවල් කපන්න අරන් ගිය ඩ්‍රොසරය සහ  එය අරන් ගිය පුද්ගලයා  විතරක්  අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ අවස්ථාවේ    ඩ්‍රොසරය  අත්අඩංගුවට ගන්න ගිය  වනජිවි නිලධාරින්ට පහර දුන් එක් අයෙකුත්   අත්අඩංගුවට අරන් තියෙනවා. තව පස් දෙනෙක් ඉන්නවා ඒ අය අත්අඩංගුවට අරන් නැ. අපි කියන්නේ සිංහල ද දෙමළ ද මුස්ලිම් ද යන වග නෙවෙයි. රටේ පොදු නීතියක් තියෙනවා. ඒ නීතිරිති  කඩ  කරන පුද්ගලයා හෝ ජාතිය වැදගත් නෑ. වහාම අත්අඩංගුවට ගත යුතුයි.

අපි ජනාධිපතිතුමාගෙන් අහනවා  ගස් කපන කියත් සහ වඩුමඩු තහනම් කලාට මදි  වනාන්තර විනාශ කරන මොකා වුණත් කමක් නෑ. වහාම අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න. නීති නැති නම් නිති හදලා හරි ජාතිය කුලය තනතුර නෙවේයි වැදගත්  වැරදි කරන මොකා හරි අත්අඩංගුවට ගෙන දඬුවම් දෙන එකයි. මේ සෝමාවැතිය ජාතික උද්‍යානය  රැකගන්න මම පුදුම කැපකිරිමක් කලා යුද්දේ කාලේ ඉදලා. හැබැයි මේ අපරාධය කරපු උන් වහාම අත්අඩංගුවට  නොගත්තොත් රට පුරාම දැවැන්ත  උද්ඝෝෂණයක් කරන්න කටයුතු  කරනවා” යනුවෙනි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්