නවතම පුවත්

“සෞඛ්‍ය අංශ විධිමත් ලෙස එන්නත් කරද්දී ඊට බලය භාවිත කර බාධා කරන්න එපා” – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Ajith Rohana
අසංක

අසංක

එන්නත්කරණය සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය අංශ විසින් ඉතා විධිමත් ක්‍රමවේදයකට බැවින් එවැනි ස්ථානවලට ගොස් බාධා කිරීම් සිදු කිරීම හෝ බලය පාවිච්චි කර, එම ක්‍රමවේදය වෙනස් කිරීමට කටයුතු නොකළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

එන්නත්කරණ වැඩපිළිවෙළ සදහා ආරක්ෂක අංශ සහය දක්වන බවද හෙතෙම කීය.

දිවයින පුරා ජුනි 07 දක්වා ක්‍රියාත්මක අඛණ්ඩ සංචරණ සීමා කාලය තුළදී දැනට ක්‍රියාත්මක කොවිඩ් උපමාන එලෙසින්ම වලංගු බව ද ඔහු අවවධාරණය කළේය.

ගෘහස්ත ඩිලිවරි සම්බන්ධයෙන් විශාල සැළකිල්ලක් දක්වන බවත්, ක්‍රමවත්ව අවසර ලබාගෙන ඩිලිවරි කිරීම සඳහා දිරිමත් කිරීමට අදාළ සහාය ලබාදෙන බවත් හෙතෙම කීය.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම හා කොවිඩ් සංචරණ සීමා තත්වය යටතේ ජනතාවට සහන ලබාදීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (28දින) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවැසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති කොවිඩ් උපමාන මෙම මස 31න් අවසන් නොවන අතර එහි සඳහන් වගන්ති සෑම එකක්ම ලබන මස 07 වැනිදා දක්වා වන සංචරණ සීමා සහ අනෙකුත් කොවිඩ් නිරෝධායන නීති සඳහා වලංගු බව එහිදී අවධාරණය කෙරිණ.

ඒ අනුව මත්පැන් විකිනීමේ ස්ථාන, ආපනශාලා, රාත්‍රී සමාජශාලා, කායවර්ධන මධ්‍යස්ථාන (ජිම්) මෙන්ම සම්බාහන මධ්‍යස්ථාන වැනි දේ ජුනි 07 වනදා වන තෙක් කිසිඳු අයුරකින් විවෘත නොවන බවත්, කඩ සාප්පු සම්බන්ධයෙන්ද පසුගිය උපමානයන් අදාළ වන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්