පනවා ඇති සෞඛ්‍ය නිර්දේශයන්ට පටහැනිව විදෙස් සංචාරකයින් ගෙන්වීමේ කටයුතු සිදුවන්නේ නම්, සංචාරකයින් ගෙන්වීම පිළිබඳ යළි සලකා බැලීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටී .
එහි නියෝජ්‍ය සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ, සංචාරකයින් මෙරටට ගෙන්වීමේ කටයුතුවලට අදාළ සියලු කරුණු සම්බන්ධයෙන්, අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවය.
එහෙත් සංචාරකයින් ගෙන්වීමේදී යම් ගැටලුකාරි තත්ත්වයක් ඇතිවුවහොත්, ඊට අදාළව ඕනෑම අවස්ථාවක තවදුරටත් සෞඛ්‍ය උපදෙස් ලබා දීමට අමාත්‍යාංශය සුදානම් බව ද, ඔහු ප්‍රකාශ කළේය.