නවතම පුවත්

සෞඛ්‍ය නිර්දේශ , වාරණ නොතකා සජබ රැළිය කොළඹට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුළ යළිත් වරක් පොදුජන ආණ්ඩුවක් බිහිකිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ නායක, සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර සිටී .

සමගි ජන බලවේගයේ විරෝධතා රැළිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ නියෝජිතයන් රැසකගේ ද සහභාගීත්වයෙන් කොළඹදී අද පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා,මෙසේද පැවසීය .

“අද මේ මහා ජනරැළිය අපි පවත්වන්නේ, මේ රටේ දුක්විඳින ජනතාව දුකෙන් මුදවන්න ට. මේ රට තුළ ඒකාධිපතීත්වයකට අපි ඉඩ දෙන්නේ නැහැ. මේ ස්වෛරීය ශ්‍රී ලංකාවේ කතා කිරීමේ නිදහස තියෙනවා. ලැබී තිබෙන මාතෘ භූමිය, ගරා වැටෙන ආර්ථිකය, කඩා වැටෙන ජන සමාජය, යළිත් වරක් ගොඩනගලා මේ රටේ පොදු ජන ආණ්ඩුව බිහිකරනවා. මේ රටේ පොදු ජනතාව රටේ වගකීම සමගි ජන බලවේගයට ලබාදෙනවා.”

කෙසේ වෙතත් මෙම විරෝධතාවට ජනතාව කැඳවීමට එරෙහිව පොලිසිය ඉල්ලා තිබූ වාරණ නියෝග ඇතැම් අධිකරණවලින් ප්‍රතික්ෂේප කර තිබූ අතර තවත් අධිකරණ කිහිපයකින් එකී බල ප්‍රදේශයට අදාළව වාරණා නියෝග නිකුත් කරනු ලැබීය.

එමෙන්ම විරෝධතාවට පැමිණෙන තැනැත්තන්ට තම පළාත් මාඉම් පසුකර පැමිණීමට ඉඩනොදිය යුතු බවට පොලිස්පතිවරයා ඊයේ (14) නියෝගයක්ද නිකුත් කර තිබූ අතර, ඒ අනුව උද්ඝෝෂණයට සහභාගිවීම සඳහා සෙසු පළාත්වල සිට ජනතාව පැමිණි බස්රථ පොලිස් මාර්ග බාධකවලදී යළි හරවා යැවීමට පොලිසිය අද උදෑසන පියවර ගත්තේය.

මෙවන් වාතාවරණයක සමගි ජන බලවේගය සැලසුම් කළ අයුරින්ම කොළඹදී විරෝධතාව පැවැත්වීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය අසලට එක් රැස් වූ පක්ෂ නියෝජිතයින් හා ජනතාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාගමන ආරම්භ කළේය.

අනතුරුව උද්ඝෝෂකයින් පාගමනින් කොල්ලුපිටිය මංසන්ධිය දක්වා ගමන් කළහ.

ඇදහැලුණු දැඩි වර්ෂාව මධ්‍යයේ වුවද පිරිස කොල්ලුපිටිය මංසන්ධියේ සිට ගාලුමුවදොර පිටිය දක්වා පැමිණි උද්ඝෝෂකයින් පසුව ප්‍රධාන ජනහමුව ගාලුමුවදොර අසල දී පැවැත්විය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්