නවතම පුවත්

සෞඛ්‍ය වෘත්තීන් 16 ක් අද වැඩවරයි ගුරුවරු ඇමති එක්ක සාකච්ඡාවක්

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

සෞඛ්‍ය වෘත්තීය සමිති 16ක් ඒකාබද්ධව ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් අද (09) දිනයේ දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කර තිබේ.

මේ පිළිබඳ  රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති, සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ “හෙට උදේ 7ට ආරම්භ වන වැඩවර්ජනය නොවැම්බර් 10 උදේ 7 දක්වා පැය 24ක සංකේත වැඩවර්ජනයක් විදියට තමා ක්‍රියාත්මක වෙන්නේ.” යනුවෙනි.

මේ අතර අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ  සමස්ථ ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ  වෘත්තීය සංගමය අතර අද (09) දහවල් 12ට  වෙත විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ති‍බේ.

විද්‍යාපීඨ 19ක සහ ගුරු විද්‍යාල 8ක හා ගුරු වෘත්තිය සංවර්ධන මධ්‍යස්ථාන 112ක සේවය කරන පීඨාධිපතිවරුන් ඇතුළු සියලුම ගුරු අධ්‍යාපනඥ නිලධාරීහු ඊයේ( 08) කොළඹට පැමිණ විරෝධතා ව්‍යාපාරයක් ද දියත් කර තිබුණි.

දේශපාලන තීරණවලට අනුව කටයුතු නොකර සිය අරගලය සමග සෘජුව එක්ව කටයුතු කරන ලෙස ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සියලු ගුරුවරුන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් ඊයේ (08) ඉල්ලීමක් කළේය.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි