සෞඛ්‍ය සේවා කාර්‍ය මණ්ඩල වැඩිකරන්න මි.18000ක්

Picture of අසංක

අසංක

වසංගත තත්ත්වයකට මුහුණ දී සිටින මේ සමය තුළ සෞඛ්‍ය සේවා ඉහළ නැංවීම වෙනුවෙන් දිවයින පුරා විහිදී ඇති සියලුම සියළුම සෞඛ්‍ය සේවා ස්ථානවල කාර්ය මණ්ඩලය පුළුල් කිරීම වෙනුවෙන් මිලියන 18000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට 2021 අයවැය මගින් යෝජනා කෙරේ.

මාතෘ ළමා සායන, රසායනාගාර, රෝහල් සහ පර්යේෂණ ආයතන වැනි සෞඛ්‍යයට සම්බන්ධ ආයතන සඳහා මෙම මුදල් වෙන් කෙරෙන බව අගමැති මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ වනවිට සිදු කරන අයවැය කතාවේදී පැවසීය.