සෞදි අරාබියෙන් පිටව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් ඉදිරියේදී කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් අය නොකිරීමට සෞදි රජය තීරණය කර ඇත .
විශේෂයෙන්ම වීසා බලපත්‍ර වල කල් ඉකුත්වීමේ දිනය ඉක්මවා ගොස් ඇති ශ්‍රී ලාංකිකයින්ගෙන් පවා දඩ මුදලක් ය නොකිරීමට එම රජය තීරණය කර ඇත
දැනට පවතින කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් සෞදි අරාබිය තාවකාලිව මෙම තීරණයට එළැඹ ඇති බව මෙරට විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
සෞදි අරාබියේ තවදුරටත් රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ සුබසාධනය වෙනුවෙන් එරට ගත් මෙම තීරණය ඇගයීමට ලක්කරන බවද අමාත්‍යාංශය නිවේදනය කර ඇත