නවතම පුවත්

නිව් ඩයමන්ඩ් නෞකාවේ නිවූ ගින්න යළි ඇවිලෙයි

අසංක

අසංක

MT New Diamond නෞකාවේ අද පස්වරුවේ යළිත් ගින්නක් හටගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ මුහුදේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවන අධික සුළං නිසා ‘එම්ටී නිව් ඩයමන්ඩ්’ යානයේ ඇති වූ ගින්න යාත්‍රාවේ අඟල් 18ක් පමණ ඝනකම ලෝහ බඳෙහි අධික උෂ්ණත්වයේ බලපෑමෙන් යළිත් ඇවිළී ඇති බවත් යාත්‍රාව තුළට ගිනි ඇවිළෙන බවත්ය.

ගිනිදැල් පාලනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව උත්සාහ කරමින් සිටී.

පැය 79ක් වැනි කාලයක් තුළ ශ්‍රී ලංකා නාවික හා ගුවන් හමුදාව අඛණ්ඩව සිදු කළ ගිනි නිවීමේ මෙහෙයුමට ඉන්දීය හා රුසියානු නාවික යාත්‍රා සහය ද ලැබී තිබු අතර ගින්න මුලුමනින්ම නිවා දැමිණි.

නමුත් යළි ගින්නක් ඇතිවීමේ අවදානම දුටු නාවික හමුදාව දිගටම ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය.

ඡයාරූප – ඉන්දීය නාවික හමුදාව

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්