නවතම පුවත්

සෞදි‌ය සඟවන මහ විපත්- ‌වේගවත්ම අධිවේගී දුම්රිය නැවතුම්පොළ පැය 11ක් ගිනිගනී

අසංක

අසංක

මැදපෙරදිගට ඇති ‌වේගවත්ම විදුලි දුම්රිය ධාවනය ‌කෙරෙන සහ දැවැන්තම විදුලි දුම්රිය ව්‍යාපෘතිය වන ‌සෞදි අරාබියේ ‌‌‌‌ජෙඩාහි ‌වෙරළ ‌දෙසින් පිහිටි හරමයින් අධිවේගී දුම්රිය නැවතුම්පොළ තුළ තුළ ඊ‌‌යේ පැය 11ක් තිස්සේ ගින්නක් පැතිර තිබේ.

ගුවනින් ජල ප්‍රහාර එල්ල කළ ද අතිවිශාල භුමි ප්‍රමාණයක පැතිර තිබෙන ‌මෙම ස්ථානයේ ගින්න මැඩපැවැත්වීම ඉතා අසීරු වී ඇත.

වෛද්‍ය කණ්ඩායම් 16ක් ඒ ‌වෙත මුදාහැර තිබූ නමුත් ‌සෞදි වාර්තාවල දැක්වෙන්නේ 5 ‌දෙනකු පමණ තුවාල ලැබූ බවයි. සමාජ ජාල තුළ ‌මේ පිළිබද අදහස් දක්වමින් ඒහි ‌වෙසෙන ඇතැම් පුද්ගලයන් පවසා තිබුණේ දැවැන්ත හානියක් සිදුවී ඇති නමුත් ඒ පිළිබද ‌හෙළිවීම ඒරට රජය මගින් වසන් කරන බවයි.

පසුගිය වසරේ සැප්තැම්බරයේදී තනා විවෘත කරන ලද ‌මෙම අධිවේගී දුම්රිය නැවතුම්පළ ‌ජෙඩා, මදිනා සහ ‌මක්කම යන පූජනීය ස්ථාන සම්බන්ධ කරගනිමින් අධිවේගී දුම්රිය ධාවනයට සලසා ඇත. ‌

මෙය ඉදිකිරීමට වැයවී ඇති මුදල ‌ඩොලර් බිලියන 7කට අධික ය. ‌මෙමගින් ධාවනය වන අධිවේගී දුම්රිය ධාවනය කරනු ලබන්නේ පැයට කිලෝමීටර් 300ක ‌වේගයෙනි.

සෞදියේ කිරුළ හිමි කුමරු වන ‌මොහොමඩ් බින් සල්මාන්ගේ 2030 දැක්ම යටතේ ‌‌මෙම ව්‍යාපෘතිය ඉදිකර ඇති අතර මැදරපෙරදිගට ඇති ඉතාම වැදගත් ප්‍රවාහන සන්ධිස්ථානයක් ලෙස ද ‌මෙය සැළකේ.

කරුණු වාර්තා වන අන්දමට ‌සල්මාන් කුමරුගේ ආරක්ෂකයා වන ‌එරට ජනතාව වීරයකු ‌ලෙස සළකන හමුදා ප්‍රධානියා ඝාතනය කළේ ද ‌‌මෙම ගින්න ඇතිවූ දින ඒම නගරයේම ය.

සෞදිය ‌ ‌මෙම දැවැන්ත ‌දේපොළ විනාශයට මුහුණ ‌දෙන්නේ එහි පිහිටා තිබූ ‌ලොව දැවැන්තම ඉන්ධන නිෂ්පාදන සමාගම වන ඇරැම්කෝ සමාගමේ පර්යන්ත ‌දෙකකට හූති කැරලිකරුවන් විසින් ‌ඩ්‍රෝන් ප්‍රහාර එල්ල ‌කොට මාසයක් මාසයක් ඉක්මවීමටත් ‌පෙර ය.

ඒම හාරයේ පිටුපස ඉරානය සිටින බවට ‌සෞදි රජය සනාථ කළ අතර ‌මෙම ගින්න පිටුපස සිටින්නේ ද ඉරානය බවට ඇතැමුන් සැකපළකරයි.

සෞදිය තුළ ‌වෙසෙන ඇතැම් විදේශිකයන් පවසන්නේ ‌සෞදි අරාබිය තුළ දැවැන්ත ‌ලෙස ආරක්ෂාව පිළිබද අවදානමක් පවතින බවත් ඒ තුළ සිදුවන ප්‍රහාර පිළිබද හැකිතාක් වසන් කිරීමට රජය කටයුතු කරන බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්