නවතම පුවත්

ස.ජ.බේ සුළු පක්‍ෂ , සජිත් ගැන කලකිරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සමගි ජන බලවේගය ගොඩනැගීමට ද සජිත් ජනාධිපති කරවීමට ද දැඩි කැපවීමකින් කටයුතු කළ දමිල හා මුස්ලිම් ජන පදනමක් සහිත කුඩා පක්ෂවලට සජිත් ප්‍රේමදාස සහ ස.ජ.බ මහ ලේකම් ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා දක්වන දෙවැනි පෙළේ සැළකිල්ල පිළිබඳ බරපතල ලෙස කලකිරී සිටින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය දිනක එම සුළු පක්ෂ අතර පැවති සාකච්ඡාවක දී මෙම කලකිරීම හා චෝදනා පිටාර ගලා ගිය බව වාර්තා වේ.

විශේෂයෙන් පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීමේ දී එම කුඩා පක්ෂවලට විශාල අසාධාරණයක් සිදු වී ඇති බව එහිදී සාකච්ඡා වී ඇත.

මෙහි දී එක් දමිළ පක්ෂ නායකයෙකු ප්‍රකාශ කර ඇත්තේ ” අපේ හිස මත පය තබා සජිත් ඉදිරියට යාමට තැත් කරන” බව ය.
සුළු පක්ෂවල ශක්තියෙන් ආණ්ඩුව ගොඩනගා ගෙන පසුව තමන්ට නොසලකා හැරීමට ඔවුන්ගේ කුමන්ත්‍රණයක් ඇති බව ද මෙහිදී හෙළිදරව් වී ඇත.

රනිල් වික්‍රමසිංහට හෝ අනුර දිසානායකට නොමැති සුළු ජන පදනමක් සජිත්ට ගොඩනඟා දුන්නේ තමන් බව ද එය සජිත්ට නොතේරෙන්නේ නම් එය ඔහුට තේරෙන භාෂාවෙන් ප්‍රකාශ කිරීමට ඉදිරියේ දී තීන්දු ගැනීමට රැස් වූ සියලු දෙනා තීන්දු කර ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

මේ මොහොතේ සමගි ජන බලවේගය නියෝජනය කරන හර්ෂ ද සිල්වා, සරත් ෆොන්සේකා , රාජිත සේනාරත්න , චම්පික රණවක ආදී මන්ත්‍රීවරු සමගි ජනබලවේගය ගමන් ගන්නා මාර්ගය පිළිබදව අප්‍රසාදයෙන් පසුවන බව ද මෙහි දී සාකච්ඡා වී ඇත.

එසේම පලනි දිගම්බරම්, මනෝ ගනේසන්, වී.රාධා ක්‍රිෂ්ණන්,යන වතු කම්කරු නායකයන් ද ඇතුළුව මුස්ලිම් පක්ෂ නායකයන් ද මෙම මතයේ එකට සිටින බවට තොරතුරු වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්