නවතම පුවත්

ස.ජ.බ ජනාධිපති අපේක්ෂකයා සජිත් බව තීන්දු කරයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එළැඹෙන ජනාධිපතිවරණයට සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් ඉදිරිපත් විය යුත්තේ සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සජිත් ප්‍රේමදාස මහතා බවට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව අනුමත කර තිබේ.

මෙම යෝජනාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් ඉදිරිපත් කර ඇති අතර, එම යෝජනාව කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව අනුමත කර ඇත.

මේ අතර, සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානය ගොඩ නැගීම සඳහා තමන කටයුතු කරන බවත්, ඊට අදාළ අභ්‍යන්තර හා බාහිරව කටයුතු කිරීමේ වගකීම තමන් භාර ගන්නා බවති එහිදී පක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර තිබේ.

එලෙස ගොඩනගන සන්ධානය සමගි ජන බලවේගයේ දර්ශනය, වැඩපිළිවෙල පිළිගන්නා පාර්ශව සමග ගොන නගන බවද විපක්ෂනායකවරයා එහිදී සඳහන් කර ඇත.

මේ අතර පක්ෂයේ විනය කඩ කරන පිරිස් පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීම සඳහා පක්ෂ මහලේකම් රංජිත් මද්ධු බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ට පැවරීමටද මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී කටයුතු කර තිබේ. 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්