ස.තො.ස වසා දැමෙයිද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සතොස තුල මූල්‍ය වංචා රැසක් සිදුවන බව පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා අනාවරණය කර සිටී

විශේෂයෙන්ම  උඳු,සීනි, පිටි මිලදී ගැනීමේදී හා විකිණීමේදීද  සතොස ආයතනයේ බරපතල  වංචාවන් සිදු වන බව තුෂාන් ගුණවර්ධන මහතා සඳහන්  කරයි .

අන්තර්ජාල රූපවාහිනී නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වමින් පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර ඇත

මේ අනාවරණයන්ම නිසා තමාට  මරණිය තර්ජන නිතරම එල්ල වෙමින් තිබෙන බවද  ඒ හේතුව නිසාම තම බිරිඳ හා දරුවා රටින් පිටව ගිය බවද ඔහු මෙහිදී පවසා ඇත .

මෙහිදී  ඔහු වැඩිදුරටත් පවසා සිටියේ සතොස ආයතනයේ දූෂණ වංචා සියල්ල තමන් හෙළි කරන බවත් එම වංචා දූෂණ හේතුවෙන් ඇතැම් විට ජනාධිපතිවරයා  විසින් සතොස ආයතනය වසා දමනු ඇති බවත්ය .

එහිදී ඔහු පවසා සිටින්නේ සුදු ළුෑනු පමණක් නොව උඳු, සීනි, පිටි වැනි භාන්ඩ මිලදි ගැනීමේදී හා විකිණීමේදී පවා වංචාවන් සිදුවන බවය.

සම්පූර්ණ වීඩියෝව පහතින්…

YouTube player