හංවැල්ලේ වෙඩිතැබීමට අදාළව තවත් පුද්ගලයන් දෙදෙනෙකු එම ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සතුව තිබූ රිවෝල්වර හා කඩු කිහිපයක් ද සොයාගෙන ඇත.
ප්රශ්න කිරීමේ දී ඔවුන් පවසා ඇත්තේ සිරගතව සිටින අපරාධකරුවකු වන ඌරුජුවා නමැත්තාගේ කොන්ත්රාත්තුවකට මෙම ඝාතනය සිදුකළ බවයි.
අද දිනයේදී සිද්ධිය සම්බන්ධයෙන් 4 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් දෙදෙනෙකු සොයා විමර්ශන ක්රියාත්මකයි.