හදවතට සුවදායී ජීවන රටාවකට සියලු ශ්‍රී ලාංකිකයන් හුරුකරමු

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හදවතට සුවදායී ජීවන රටාවකට සියලු ශ්‍රී ලාංකිකයන් හුරු කිරීම අරමුණු කරගත් විශේෂ වැඩසටහනක් පසුගියදා රාජකීය විද්‍යාලයීය මාස් අංගනයේදී පැවැත්වින .

ෆ්ලෝරා, ‘Joyful Healthism’ ලෙස නම් කර තිබු එම වැඩසටහනට . සුවිශේෂී යෝගා ව්‍යායාම , සුම්බා නර්තන සැසි මෙන්ම ,විවිධ දැනුවත් කිරීමේ සාකච්ජා ඇතුලත්ව තිබිණ

මෙහිදී ‘Flora Joyful Healthism’ අත්පොත ජනගත කිරීම ද සිදු විය. සියලු වයස් කාණ්ඩවලට අයත් පිරිස් අතර සෞඛ්‍යසම්පන්න පුරුදුවල වෙනසක් ඇති කිරීම අරමුණු කරමින් ෆ්ලෝරා මෙම අත්පොත සකස් කර තිබිණ

“අප ජීවත් වන්නේ බෝ නොවන හෘද රෝග ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින යුගයකයි. සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් සහ ක්‍රියාශීලි ජීවන රටාවක් සමගින් හෘද රෝග ඇති වීම දැඩි ලෙස පාලනය කළ හැකියි. තම ආහාර පුරුදුවල කැපීපෙනෙන වෙනසක් ඇති කර ගනිමින් යෝගා, සුම්බා හෝ එවැනි ශරීරයට හිතකර ක්‍රියාකාරකම්වල නියැලෙන ලෙස අප සියලු ශ්‍රී ලාංකිකයන් දිරිමත් කිරීමට පෙරමුණ ගෙන සිටිනවා. මෙම උළෙල, ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන රටාවේ වෙනසක් ඇති කිරීම සඳහා අප දක්වන උත්සාහයේ තවත් එක් අදියරක් ලෙස හඳුන්වා දිය හැකියි,” යනුවෙන් ෆ්ලෝරා අලෙවි කළමනාකාර ෂෙහානි ලියනගේ මහත්මිය මෙහිදී සඳහන් කළාය.

උදෑසන යෝගා, ශරීර සුවතා සහ සුම්බා සැසි රැසකින් ආරම්භ වූ මෙම උළෙල මණ්ඩලය සාකච්ඡාවකින් ද සමන්විත විය. Spinners Healthy Café අධිපති යසස් හේවගේ මහතා විසින් මෙහෙයවන ලද මෙම මණ්ඩල සාකච්ඡාව සඳහා යෝගා උපදේශිකා රේඛා ක්‍රිෂ්ණමූර්ති මහත්මිය සහ “Tass Fitness” ආයතනයේ කීර්තිමත් සෞඛ්‍ය උපදේශකයෙකුවන තනුර අබේවර්ධන මහතා ද සහභාගී වූහ.

මෙම උළෙලේ දෙවන අදියර ලෙස ෆ්ලෝරා ශ්‍රී ලංකා සමාගමේ දිවිතීයික වෙබ් අඩවිය මෙන්ම මුළුමනින් ම ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි අමුද්‍රව්‍යවලින් නිමවා ඇති ෆ්ලෝරා ඇසුරුම ද ජනතාවට හඳුන්වා දෙන ලදි. හදවතට සුවදායී ජීවන රටාවක් සඳහා මෙහිදී පැමිණ සිටි පිරිසට සහ පාරිභෝගිකයන් හට ප්‍රතිඥාවක් ලබා දීමේ අවස්ථාව ද උදාකර තිබිණ. සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් මෙරට ජනතාවට උරුම කර දීමේ අරමුණ පෙරදැරිව Sathya Yoga, Tass, Ecofriends, SOZO, Decathlon, Dip Station, My Sister’s Kitchen, Spinners Café ආදී නැගී එන ව්‍යාපාරික ආයතන සමග ද ෆ්ලෝරා මෙහිදී අත්වැල් බැඳ ගත්තේය.