නවතම පුවත්

හම්බන්තොට වරායේ රෝරෝ ක්‍රියාකාරකම් පුළුල් කෙරේ

අසංක

අසංක

මේ වසරේ තම වාහන ප්‍රතිනැව්ගත කිරීමේ (RORO) ක්‍රියාකාරකම් තව දුරටත් පුළුල් කිරීමේ අපේක්ෂාවෙන් සිටින බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිපාලනය සඳහන් කරයි.

වරායට පැමිණි ‘හර්මීස් ලීඩර්’ (MV HERMES LEADER) නෞකාවෙන් ඉන්දියාවේ සිට රැගෙන ආ වාහන ඒකක 1156 ක් දකුණු අප්‍රිකාව, ජෝර්දානය, සුඩානය සහ ටැන්සානියාව යන රටවල් වෙත ප්‍රතිනැව්ගත කර ඇත.

‘NYK’ සමාගම මීට පෙර හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා වාහන ප්‍රතිනැව්ගත කර තිබුණද, මෙම නව වාහන ප්‍රමාණය ඔවුන්ගේ RORO ප්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපාරයේ නවතම කාණ්ඩයක් බව
හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිපාලනය සඳහන් කරයි.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG), පසුගිය වසර 5 තුළ සිදුකළ ප්‍රවර්ධන කටයුතු සහ විදේශීය නැව් සමාගම් ප්‍රධානීන් සමග කළ විධිමත් මුණගැසීම් තුළින් RORO ප්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපාරය, ක්‍රමයෙන් වර්ධනය කර ඇත.

“නැව් සමාගම් විසින් බලාපොරොත්තු වන උසස් තත්ත්වයේ සේවා සැපයීම තුලින්,
හම්බන්තොට ජාත්‍යන්තර වරාය, RORO වාහන ප්‍රතිනැව්ගත කිරීම සදහා ආකර්ශනීය ස්ථානයක් බවට පත්වෙමින් තිබෙනවා. ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින ඉල්ලුම සපුරාලීම සදහා ඊට සරිලන අතිරේක වාහන නවතා තැබීමේ සංකීර්ණයක් සදහා ආයෝජනය කිරීමටද බලාපොරොත්තුවෙන් සිටිනවා,” යැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසයි.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමග RORO ප්‍රතිනැව්ගත කිරීමේ ව්‍යාපාර පවත්වාගෙන යන ප්‍රධාන නැව් සමාගම් අතර හුන්ඩායි ග්ලොවිස් (Hyundai Glovis), කේ ලයින් (K Line), එම්.ඕ.එල් (MOL), එන්.වයි.කේ ලයින් (NYK Line), ඊස්ටන් කාර් ලයිනර් (Eastern Car Liner), හෝග් ඔටෝ ලයිනර්ස් (Hoegh Autoliners) සහ ගෝල්ඩ් ස්ටාර් ලයින් (Gold Star Line) ප්‍රමුඛ වන බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිපාලනය සඳහන් කරයි.

2022 වර්ෂයේදී, හම්බන්තොට ජාත්‍යන්තර වරාය, RORO නෞකා 249ක් හරහා වාහන ඒකක 558,188ක පරිමාවක් හසුරුවා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්