නවතම පුවත්

හම්බන්තොට වරාය ගැන ජනපති ගෝඨාභයගේ අදහසට චීනයේ කැමැත්ත

අසංක

අසංක


හම්බන්තොට වරාය සම්භන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෑතකදී දැක්වූ අදහස් , තම රජය බෙහෙවින් අගය කරන බව චීනය අවධාරණය කර සිටී.

ඒ අනුව හම්බන්තොට වරායේ ආරක්‍ෂාව සම්භන්ධ සියලු බලතල හා පාලනය ශ්‍රී ලංකා රජය හා නාවික හමුදා සතුව් පවතින බවත් ඊට කිසිසේත්ම ඇඟිලි ගැසීමට කටයුතු නොකරන බවත් චීන රජය අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය හා ස්වෛරීභාවයට චීන රජය බෙහෙවින් ගරු කරන බවද මෙරට චීන තානාපති කාර්යාලය නිකුත් කල නිවේදනයක දැක්වේ.

ඒ අනුව , හම්බන්තොට වරාය ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය හා සෞභාග්‍ය තවදුරටත් නැංවිය හැකි අකාරයෙන් ඉදිරියට ගෙන යාමට චීන රජය කටයුතු කරන බවද , චීන තානාපති කාර්යාලය නිකුත් කල නිවේදනයේ දැක්වේ.

ඒ සම්භන්ධව හම්බන්තිට ව්‍යාපෘතියට අදාළ ව්‍යාපාර හා කර්මාන්ත ආයතනයන්ට ඊට අදාලව මාර්ගෝපදේශනයන් ලබාදීමටද චීන රජය කටයුතු කරන බව නිවේදනයේ දැක්වේ.

හම්බන්තොට වාරයේ ආරක්ෂාවට අදාළ බලතල හා පාලනය ශ්‍රී ලංකාව සතුව ඇත්දැයි සොයා බැලීමට වහා කටයුතු කරන බවත් ඊට අමතරව එම වරායට අදාළ වෙනත් වානිජ්‍ය හා ව්‍යාපාර කටයුතු පිළිබඳව නැවත සාකච්ජා කිරීමට ක්‍රියා නොකරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගියදා මෙරට රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් හමුවේ ප්‍රකාශ කරන ලදී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්