නවතම පුවත්

හමුදා මෙහෙයුම් අරඹන්න පුටින් නියෝග කරයි – යුක්රේනයේ හදිසි තත්වයක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයේ ඩොන්බෑස් කලාපයේ ‘ හමුදා මෙහෙයුමක්’ නිවේදනය කර ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
රුසියානු ජනාධිපතිවරයා එරට රූපවාහිනිය අමතමින් නිවේදනය කර ඇත්තේ, බටහිර කලාපය සහ යුක්‍රේනය දක්වන ප්‍රතිචාරවලට ක්‍රියාමාර්ගයක් ලෙස මෙම මෙහෙයුම නිවේදනය කළ බවයි.

තවද රුසියානු ජනාධිපතිවරයා අනතුරු අඟවා සිටින්නේ, බටහිරින් සහ යුක්‍රේනයෙන් අඛණ්ඩව මෙවැනි ප්‍රතිචාර දැක්වීම් අඛණ්ඩව සිදුවුවහොත් අඛණ්ඩව ප්‍රතිවිපාක ද විඳීමට සිදුවනු ඇති බවයි

මේ අතර යුක්රේනයට මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී .

ඒ අනුව ඉදිරි දින 30 ක කාලය සඳහා යුක්රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට යුක්රේන ආරක්ෂක කවුන්සිලය අනුමැතිය ලබා දී ඇති බව සඳහන් වේ

මේ අතර රුසියාවේ ජීවත් වන යුක්රේන පුරවැසියන්ට එරටින් පිටවන ලෙසද දැනුම් දී ඇති බවත්  වාර්තාවේ

බටහිර මාධ්‍ය හා දේශපාලන  විචාරකයන් පෙන්වා දෙන්නේ රුසියාව මේ වන විටත් යුක්රේනය පූර්ණ වශයෙන් ආක්‍රමණය කිරීමට සැළසුම් සකස් කර අවසන් බවයි.

ඇමෙරිකානු බුද්ධි අංශ විසින් ද රුසියාව ,යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවට අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙ.

ඒ අනුව ඉදිරි පැය 48 යුක්රේනයට ඉතාමත් තීරණාත්මක වනු ඇති බවටද  අමෙරිකානු බුද්ධි අංශ අනාවරණය කර ඇත

අමෙරිකානු බුද්ධි අංශ සිය නවතම වාර්තාවන් අනුව සඳහන් කර සිටින්නේ ඉදිරි පැය 48ක කාලය තුලදී යුක්රේනය ආක්‍රමණය කිරීමට සිය හමුදාවන් යෙදවීමට රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින් කටයුතු කරනු ඇති බවයි.

මේ අතර අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශවිය රටවල් තම රට ඉලක්ක කර ගනිමින් සම්බාධක පැනවීම සිදුකරන්නේ නම් ඊට පිළිතුරු ලෙස වේදනාත්මක පිළිතුරක් බලාපොරොත්තු වන ලෙස රුසියාව සඳහන් කර ඇත.

අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කිහිපයක් විසින් රුසියාවේ බැංකු සහ ව්‍යාපාරිකයින් ඉලක්ක කර ගෙන සම්බාධක පනවා පැය 24ක් ගතවීමට පෙර යුක්රේනයේ බැංකු, ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු එරට රජයට අයත් ප්‍රධාන පෙලේ ආයතන රැසක වෙබ් අඩවි ඉලක්ක කර ගෙන විශාල සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත.

යුක්රේන තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරන පරිදි මෙම සයිබර් ප්‍රහාරය දියත් කරනු ලැබුවේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව පැවසිය නොහැකි බවයි.

කෙසේ වෙතත් මිට දින කිහිපයකට පෙර අමෙරිකානු බුද්ධි අංශ විසින් යුක්රේනයට අනතුරු අඟවමින් කියා සිටියේ රුසියානු ආක්‍රමණයට පෙර විශාල සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවයි.

 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්