හයිටියේ ලාංකිකයන් වෙනුවෙන් කියුබානු වෛද්‍ය කණ්ඩායමක් යවයි

Picture of අසංක

අසංක

හයිටියේ සේවයෙහි නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 100 දෙනෙකුට වෛද්‍ය පහසුකම් සැපයීම සඳහා කියුබානු වෛද්‍ය කණ්ඩායමක් හයිටි ජනරජය වෙත පිටත් කර යවා ඇති බව වර්තාවේ .

ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීමකට අනුව කියුබාව මෙසේ පස් දෙනෙකුගෙන් යුත් වෛද්‍ය කණ්ඩායම හයිටි රාජ්‍යය වෙත පිටත් කර යවා ඇත.

හයිටියේ ඇඟලුම් අංශයේ සේවය කරන මෙම ලාංකික ශ්‍රමිකයින් හට ම, නිරන්තර සෞඛ්‍ය පරීක්ෂාවන් සහ ප්‍රාථමික ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පියවරයන් ගැන මෙම කියුබානු වෛද්‍ය කණ්ඩායම උපදෙස් ලබාදී ඇති බවද වාර්තාවේ.

මෙසේ මෙරට ඉල්ලීම මත වෛද්‍ය කණ්ඩායමක් යැවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියුබානු රජය වෙත සිය ප්‍රසාදය පළ කර ඇත.