නවතම පුවත්

හයිඩ්රොක්සි ක්ලොරෝක්වීන් බෙහෙතෙන් කොරෝනා සුව කළ නොහැකි බව සොයා ගනියි

අසංක

අසංක

මැලේරියා රෝගය සඳහා ලබාදෙන හයිඩ්රොක්සි ක්ලොරෝක්වීන් (hydroxychloroquine) නම් ඖෂධය , කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස රෝගය සඳහා සාර්ථක ඖෂධයක් නොවිය හැකි බව චීන විශේෂඥයින් කණ්ඩායමක් සඳහන් කර සිටී .

චීනයේ සීජියාන්ග් විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් පිරිසක් නිකුත් කල නවතම විද්‍යාත්මක ප්‍රකාශනයක මේ බව සඳහන් වේ.

මෙම චීන විශේෂඥයින් පිරිස මේ සම්භන්ධව විශේෂ පර්යේෂණයක් සිදුකර ඇති අතර , කොරෝනා රෝගීන් සුවපත් කිරීමට මෙම ඖෂධයෙන් සැලකිය යුතු බලපෑමක් සිදුනොකරන බව එහිදී අනාවරණය වී ඇත.

මෙම මැලේරිය ඖෂධය කොරෝනා රෝගීන්ට සුදුසු බව මීට පෙර ප්‍රංශය විසින් සිදුකල පර්යේෂණයකදී සඳහන් විය .

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාද පසුගියදා , මෙම ඖෂධය කොරෝනා රෝගීන්ට සුදුසු බව ප්‍රකාශ කර සිටියේ , මෙම”ප්‍රංශ පර්යේෂණය”මත පදනම්වය . කෙසේ වෙතත් එරට අහාර හා ඖෂධ අධිකාරිය පවා මෙම ඖෂධය නිර්දේශ කිරීමෙන් වැළකී සිටි අතර , ඔවුන් සඳහන් කලේ එවැනි නිර්දේශ කිරීමක් සඳහා අවශ්‍ය සාධක නොමතිබවයි.

ඇමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්ත රජයද ට්‍රම්ප් ජනපතිවරයාගේ මෙම නිර්දේශය පිළිනොගත් අතර , එම ප්‍රාන්ත ආණ්ඩුකාර ස්ටීව් සිසොලක් මහතා මෙම මැලේරියා ඖෂධය තම ප්‍රාන්තයේ කොරෝනා රෝගීන්ට ලබාදීම තහනම් කළේය.

නෙවාඩා හි වෛද්‍යවරුන් බහුතරයක්ද මෙම ඖෂධය පිලිබඳ විශ්වාසය පළකර නොමැති බැවින් තමා මෙම තීරණය ගන්න බවද සිසොලක් මහතා මෙහිදී මාධ්‍ය වෙත පැහැදිලි කර ඇත.

ට්‍රම්ප් ජනපතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව මෙම ඖෂධය අවිධිමත් ලෙස භාවිතා කිරීමට ඇතැම් ඇමෙරිකානුවන් පෙළබීේ ඇති අතර ඒ හේතුවෙන් සෞඛ්‍ය ප්‍රශ්නයක්ද රට තුල මතුවෙමින් ඇත.

කොරෝනාවට පිලියමක් ලෙස මෙම ඖෂධය සහිත රසායනික ද්‍රව්‍යයක් භාවිතා කිරීම හේතුවෙන් අමෙරිකේ පුද්ගලයෙකු පසුගියදා ජීවිතක්ෂයට පත්වූ අතර එය භාවිතා කල ඔහුගේ භාර්යාවද තවමත් සිටින්නේ දැඩි සත්කාර එකකයේය.

වෛරසයට ඇති බිය හේතුවෙන් බොහෝ ඇමෙරිකානුවන් වෛද්‍යවරයෙකුගේ නිර්දේශයන්ද නොමැතිව මෙම ඖෂධය භාවිතා කිරීමට පෙළඹෙමින් ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අනුව මෙමතත්වය පාලනය කිරීම සඳහා නෙවාඩා , ටෙක්සාස් , ඉලිනොයිස් , ඔහියෝ , උතුරු කැරොලිනා ඇතුළු ඇමෙරිකානු ප්‍රාන්ත රැසක් දැඩි නීති පනවා ඇති අතර , නිසි වෛද්‍ය නිර්දේශයකින් තොරව මෙම ඖෂධය කිසිවෙකුට හෝ ලබානොදීමට කටයුතු සලස්වා ඇත.

එසේම කොරෝන වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා පොදු ජනතාව හිතුමතේ මෙම ඖෂධය භාවිතා කිරීමට දරන උත්සාහයන් වලක්වීමටද එම ප්‍රාන්ත නීති පනවා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්